Islam Answers » පිළිතුරු » සිංහල » ඉස්ලාමයේ කාන්තාවන්ගේ තත්වය කුමක්ද?

ඉස්ලාමයේ කාන්තාවන්ගේ තත්වය කුමක්ද?

ඉස්ලාම් ස්ත්‍රියක් දකින්නේ, තනිකඩ හෝ විවාහක වුවත්, ඇය කෙරෙහි කිසිදු භාරකාරත්වයක් නොමැතිව (ඒ ඇගේ පියා, ස්වාමිපුරුෂයා හෝ වෙනත් අයෙකු වේවා) ඇයගේ දේපළ සහ ඉපැයීම් අයිති කර ගැනීමට සහ බැහැර කිරීමට අයිතිය ඇති තනි පුද්ගලයෙකු ලෙසය. ඇයට මිලදී ගැනීමට සහ විකිණීමට, තෑගි දීමට සහ පුණ්‍ය කටයුතු කිරීමට අයිතියක් ඇති අතර ඇයගේ මුදල් ඇය කැමති පරිදි වියදම් කළ හැකිය. විවාහ දෑවැද්දක් මනාලයා විසින් මනාලියට දෙනු ලබන්නේ ඇයගේ පුද්ගලික භාවිතය සඳහා වන අතර, ඇය තම ස්වාමිපුරුෂයාගේ වාසගම ගන්නවාට වඩා තම පවුලේ නම තබා ගනී.

මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූ පරිදි තම බිරිඳට හොඳින් සැලකීමට ඉස්ලාම් ස්වාමිපුරුෂයා දිරිමත් කරයි.

ඔබගෙන් හොඳම තැනැත්තා තම බිරිඳට හොඳම තැනැත්තා වන අතර මගේ භාර්යාවන්ට මම ඔබෙන් හොඳම වෙමි.

Sunan Ibn Majah, 1977

ඉස්ලාමයේ මව්වරුන්ට ඉතා ගෞරවයෙන් සලකනු ලැබේ. ඔවුන්ට හොඳම ආකාරයෙන් සැලකීම ඉස්ලාම් නිර්දේශ කරයි.

මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත මිනිසෙක් පැමිණියේය . "දේව දූතයාණෙනි! සෙනඟ අතුරින් මාගේ යහපත් ඇසුරට වඩාත් ම සුදුසු වන්නේ කවරෙක් ද?" නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිව්වා: {ඔයාගේ අම්මා.} ඒ මනුස්සයා ඇහුවා "එහෙනම් කවුද?" නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිව්වා: {එහෙනම් ඔයාගේ අම්මා.} ඒ මනුස්සයා තව දුරටත් ඇහුවා "එහෙනම් කවුද?" කියලා. නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිව්වා: {එහෙනම් ඔයාගේ අම්මා.} ඒ මනුස්සයා ආයෙම ඇහුවා "එහෙනම් කවුද?" කියලා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නබිතුමා කිව්වා: (එහෙනම් ඔයාගේ තාත්තා. }

Sahih al-Bukhari, 5971

මූලාශ්රය: islam-guide.com
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න