Islam Answers » පිළිතුරු » සිංහල » අල් කුර්ආනය කුමක් ගැනද?

අල් කුර්ආනය කුමක් ගැනද?

සෑම මුස්ලිම්වරයෙකුගේම ඇදහිල්ල සහ පිළිවෙතෙහි මූලික මූලාශ්‍රය වන්නේ දෙවියන් වහන්සේගේ අවසාන හෙළිදරව් කළ වචනය වන කුර්ආනයයි. එය මනුෂ්‍යයන් සම්බන්ධ සියලු විෂයයන් සමඟ කටයුතු කරයි: ප්‍රඥාව, ධර්මය, නමස්කාරය, ගනුදෙනු, නීතිය යනාදිය, නමුත් එහි මූලික තේමාව වන්නේ දෙවියන් වහන්සේ සහ ඔහුගේ මැවිලි අතර ඇති සම්බන්ධයයි. ඒ අතරම, සාධාරණ සමාජයක්, නිසි මානව හැසිරීමක් සහ සාධාරණ ආර්ථික ක්‍රමයක් සඳහා මාර්ගෝපදේශ සහ සවිස්තරාත්මක ඉගැන්වීම් සපයයි.

අල් කුර්ආනය මුහම්මද් නබිතුමාට (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අරාබි භාෂාවෙන් පමණක් පහළ වූ බව සලකන්න. එබැවින්, ඉංග්‍රීසි හෝ වෙනත් ඕනෑම භාෂාවකින් ඕනෑම කුර්ආන් පරිවර්තනයක් කුර්ආනයක් හෝ අල් කුර්ආනයේ අනුවාදයක් නොවේ, නමුත් එය කුර්ආනයේ අර්ථයේ පරිවර්තනයක් පමණි. අල් කුර්ආනය පවතින්නේ එය පහළ වූ අරාබි භාෂාවෙන් පමණි.

මූලාශ්රය: islam-guide.com
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න