ඉස්ලාමය ඌරු මස් අනුමත නොකරන්නේ ඇයි?
මුස්ලිම්වරයෙකුගේ මූලික ප්‍රතිපත්තිය නම්, ඔහු අල්ලාහ් ඔහුට අණ කරන ඕනෑම දෙයකට අවනත වන අතර, එයට පිටුපස ඇති හේතුව පැහැදිලි හෝ නැතත් ඔහු ඔහුට තහනම් කරන ඕනෑම දෙයකින් වැළකී සිටීමයි.
ෂරියාගේ ඕනෑම තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීමට හෝ එය පිටුපස ඇති හේතුව පැහැදිලි නැතිනම් එය අනුගමනය කිරීමට පසුබට වීමට මුස්ලිම්වරයෙකුට අවසර නැත. එයට හේතුව ඔහුට තේරුණත් නැතත් පිළිගත යුතුය. අල්ලාහ් මෙසේ පවසයි.
අල්ලාහ් හා ඔහුගේ දූතයාණෝ යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ තම කැමැත්ත අනුව සිදුවීම විශ්වාසවන්තයෙකුට හෝ විශ්වාසවන්තියකට හෝ සුදුසු නොවීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවකින් මුළා විය.
කුරාන් - 33:36(තේරුම අර්ථ නිරූපණය කිරීම)
ඌරු මස් හරාම් වන්නේ ඇයි?
අල් කුර්ආනයේ පාඨයට අනුව ඉස්ලාමයේ ඌරු මස් හරාම් (තහනම්) වේ, එහිදී අල්ලාහ් මෙසේ පවසයි.
ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද, රුධිරය ද, ශූකර මාංශ ද, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කළ දෑ ද වේ. (...)
කුරාන් - 2:173(තේරුම අර්ථ නිරූපණය කිරීම)
කිසිදු තත්වයක් යටතේ මුස්ලිම්වරයෙකුට ඌරු මස් පරිභෝජනය කිරීමට අවසර නැත, නමුත් අනුභව කිරීමට අවසර ඇත්තේ පුද්ගලයෙකුගේ ජීවිතය එය අනුභව කිරීම මත රඳා පවතින අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණි. එනම් පුද්ගලයෙකු තමා මිය යයි යැයි බියෙන් සිටින කුසගින්නෙන් පෙළෙන විට සහ ඔහුට වෙනත් ආහාර කිසිවක් සොයාගත නොහැක අවස්ථාවන්වල .
ඌරු මස් තහනම් කිරීමට නිශ්චිත හේතුවක් ගැන අල්ලාහ් පවසන වාක්‍යයට අමතරව ෂරියා ග්‍රන්ථවල සඳහන් නොවේ.
(...) ඇත්තෙන්ම එය අපිරිසිදුය. (...)
කුරාන් - 6:145(තේරුම අර්ථ නිරූපණය කිරීම)
rijs (මෙහි 'අපිරිසිදු' ලෙස පරිවර්තනය කර ඇත) යන වචනය භාවිතා කරනුයේ ඉස්ලාමයේ පිළිකුල් සහගත ලෙස සලකන ඕනෑම දෙයක් හැඳින්වීමට සහ මිනිස් ස්වභාවය (fitrah) අනුව ය. මෙම හේතුව පමණක් ප්රමාණවත්ය.
තවද හරාම් ආහාර පාන සහ ඒ හා සමානව තහනම් කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති පොදු හේතුවක් ඇති අතර එය ඌරු මස් තහනම් කිරීමට හේතුව පෙන්වා දෙයි. මෙම පොදු හේතුව අල්ලාහ් පවසන වැකියෙන් සොයාගත හැකිය.
ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහු ව විශ්වාස කොට, ඔහුට ගරු කොට, ඔහුට උදව් කර ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රහකයෝ.
කුරාන් - 7:157(තේරුම අර්ථ නිරූපණය කිරීම)
ඌරු මස් තහනම් කිරීමට විද්‍යාත්මක හා වෛද්‍ය හේතු
අනෙකුත් සියලුම සතුන් අතර ඌරා මිනිස් සිරුරට අහිතකර විෂබීජ වාහකයක් ලෙස සලකන බව විද්‍යාත්මක හා වෛද්‍ය පර්යේෂණ මගින් ද ඔප්පු වී ඇත. මෙම සියලු හානිකර රෝග විස්තරාත්මකව පැහැදිලි කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇත, නමුත් කෙටියෙන් අපි ඒවා ලැයිස්තුගත කළ හැකිය: පරපෝෂිත රෝග, බැක්ටීරියා රෝග, වෛරස් සහ යනාදිය.
මෙම සහ අනෙකුත් හානිකර බලපෑම් පෙන්නුම් කරන්නේ, අල්ලාහ් විසින් ඌරු මස් තහනම් කර ඇත්තේ හේතුවක් නිසා පමණක් වන අතර, එය ජීවිතය සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන අතර, ෂරියා විසින් ආරක්ෂා කරන ලද මූලික අවශ්‍යතා පහ අතර වේ.
මූලාශ්‍රය:
islamqa.info
පරිවර්තනය කළා:
Shazna Habib