අල් කුරාණය ලියුවේ කවුද?
අල්ලා දෙවියන් වහන්සේ විසින් එවන ලද සැබෑ නබිවරයෙකු බව සනාථ කරන බොහෝ ප්‍රාති හාරයන් සහ බොහෝ සාක්ෂි සමඟ දෙවියන් වහන්සේ ඔහුගේ අවසාන නබි වරයා වන මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට සහාය දුන්නේය. එසේම, අල්ලා දෙවියන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද අවසාන ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරානය, දෙවියන් වහන්සේගේ වචනාර්ථයෙන් ගත් වචනය බවත්, එය කිසිඳු මනුෂ්‍යයෙකු විසින් රචනා කරන ලද්දක් නොවන බවත් සනාථ කරන ප්‍රාතිහාරයන් රාශියක් සමඟින් දෙවියන් වහන්සේ විසින් මුහම්මද නබිතුමාට සහාය දක්වන ලදී.
අල් කුරාණය යනු දෙවියන් වහන්සේගේ වචනය වන අතර, ඔහු තම නබි මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජිබ්රිල් යන මලයිකාවරයා හරහා හෙළි කළේය. එය මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විසින් කටපාඩම් කරන ලද අතර පසුව එය ඔහුගේ අනුගාමිකයන් හටද මතකයේ තබා ගන්න ලෙස නියම කළේය. ඔවුන් එය කටපාඩම් කර, ලියා තබා, නබි මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ එය සමාලෝචනය කළහ. එපමණක් නොව, මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සෑම වසරකම එක් වරක් ජිබ්රිල් යන මලයිකාවරයා සමඟ අල් කුරාණය සමාලෝචනය කළ අතර ඔහුගේ ජීවිතයේ අවසාන වසර තුළ පමණක් දෙවතාවක් සමාලෝචනය කළේය. අල් කුරාණය පහළ වූ දා සිට, අද දක්වා, අල් කුරාණය අකුරින් අකුරින් කටපාඩම් කළ හා ඒ අනුගමනය කල මුස්ලිම්වරු විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගෙන් සමහරෙකුට වයස අවුරුදු දහය වන විට සියලුම අල් කුරාණය කටපාඩම් කිරීමට හා මුළුමනින්ම මතකයේ තබා ගැනීමට පවා හැකි වී තිබේ. සියවස් ගණනාවක් වුවද පුරා කුරාණයේ එක අකුරක්වත් වෙනස් කර ගැනීමට හොකි වී ඇති අතර වෙනස් වී ද නොමැත.
සියවස් දාහතරකට පෙර පහළ වූ කුරාණයේ විද්‍යාඥයන් විසින් මෑතක දී සොයා ගන්නා ලද හා ඔප්පු කරන ලද කරුණු සඳහන් කර ඇත. කුරාණය මුහම්මද් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නබි තුමාණන්ට හෙළිදරව් කරන ලද දේව වචනය විය යුතු බවත්, අල් කුරාණය මුහම්මද් නබිතුමාණන් ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විසින් හෝ වෙනත් මනුෂ්‍යයෙකු විසින් රචනා කරන ලද්දක් නොවන බවත් මෙයින් සැකයකින් තොරව ඔප්පු වේ. මුහම්මද් නබි ﷺ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සැබවින්ම දෙවියන් විසින් එවන ලද අනාගත වක්තෘවරයෙකු බව මෙයින් ද සනාථ වේ. දියුණු උපකරණ සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේද සමඟ මෑතක දී සොයා ගත් හෝ ඔප්පු කරන ලද මෙම කරුණු වසර එක්දහස් හාරසියයකට පෙර කිසිම කෙනෙකු දැන සිටිය හැකි බවට පැවසීම තර් කානුකුල නොවන බව පැහැදිලිය.
මූලාශ්‍රය:
islam-guide.com
පරිවර්තනය කළා:
Asma Haniffa