Islam Answers » පිළිතුරු » සිංහල » විනිශ්චය දිනය ගැන ඉස්ලාමය පවසන්නේ කුමක්ද?

විනිශ්චය දිනය ගැන ඉස්ලාමය පවසන්නේ කුමක්ද?

කිතුනුවන් මෙන්, මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ වර්තමාන ජීවිතය යනු පැවැත්මේ ඊළඟ ක්ෂේත්‍රය සඳහා අත්හදා බැලීමේ සූදානමක් පමණක් බවයි. මෙම ජීවිතය මරණයෙන් පසු ජීවිතය සඳහා එක් එක් පුද්ගලයාට පරීක්ෂණයකි. මුළු විශ්වයම විනාශ වී මළවුන් දෙවියන් වහන්සේ විසින් විනිශ්චය සඳහා නැවත නැඟිටුවනු ලබන දිනයක් පැමිණෙනු ඇත. මෙම දිනය කිසිදා අවසන් නොවන ජීවිතයක ආරම්භය වනු ඇත. මේ දිනය විනිශ්චය දිනයයි. එදින, සියලු මිනිසුන්ට ඔවුන්ගේ විශ්වාසයන් හා ක්‍රියා අනුව දෙවියන් වහන්සේ විසින් විපාක දෙනු ඇත. "දෙවියන් හැර සැබෑ දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් (සල්) තුමාණන් දෙවියන්ගේ දූතයා (නබි) බවත්" විශ්වාස කරමින් මිය යන අය සහ මුස්ලිම් වරුන් වන අයට එදින විපාක පිරිනමනු ලබන අතර දෙවියන් වහන්සේ පැවසූ පරිදි සදහටම පාරාදීසයට ඇතුළත් වනු ඇත:

තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

කුරාන් - 2:82
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

නමුත් "දෙවියන් හැර සැබෑ දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් (සල්) තුමාණන් දෙවියන්ගේ දූතයා (නබි) බවත්" හෝ මුස්ලිම් නොවන අය සදහටම පාරාදීසය අහිමි වන අතර දෙවියන් වහන්සේ පැවසූ පරිදි අපාය වෙත යවනු ලැබේ:

කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.

කුරාන් - 3:85
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

තවද ඔහු පවසා ඇති පරිදි:

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළ අය, ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මරණයට පත් වූවන් නම් ඔවුන් කිසිවෙකුගෙන් මහපොළොව රනින් පිරෙන්නට තරම් වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද එය පිළි ගනු නොලබන්නේමය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තව ද ඔවුනට උදව්කරුවන් කිසිවෙකුද නොමැත.

කුරාන් - 3:91
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

යමෙකුට ඇසිය හැකිය, 'මම හිතන්නේ ඉස්ලාමය හොඳ ආගමක්, නමුත් මම ඉස්ලාමය වැළඳ ගන්නේ නම්, මගේ පවුලේ අය, මිතුරන් සහ වෙනත් අය මට හිරිහැර කරන අතර මට විහිළු කරනු ඇත. එබැවින් මා ඉස්ලාමය වැළඳ නොගන්නේ නම්, මම පාරාදීසයට ඇතුළු වී නිරාගින්නෙන් බේරෙනවාද?'

පිළිතුර වන්නේ දෙවියන් වහන්සේ පෙර වැකියේ සඳහන් කර ඇති දෙයයි, "කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි."

මිනිසුන් ඉස්ලාමයට කැඳවීමට මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යැවූ පසු, දෙවියන් වහන්සේ ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක් පිළිපැදීම පිළිගන්නේ නැත. දෙවියන් වහන්සේ අපගේ මැවුම්කරු සහ පෝෂණය කරන්නා ය. ඔහු පෘථිවියේ ඇති සියල්ල අප වෙනුවෙන් නිර්මාණය කළේය. අපට ඇති සියලු ආශීර්වාද සහ යහපත් දේ උන්වහන්සේගෙන්ය. ඉතින් මේ සියල්ලෙන් පසු, යමෙකු දෙවියන් වහන්සේ, ඔහුගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්), හෝ ඔහුගේ ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරන විට, ඔහුට හෝ ඇයට පරලොව දී දඬුවම් ලැබෙනු ඇත. ඇත්ත වශයෙන්ම, අපගේ මැවීමේ ප්‍රධාන අරමුණ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධ වූ කුර්ආනයේ (51:56) පවසා ඇති පරිදි දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කිරීම සහ ඔහුට කීකරු වීමයි.

අද අප ගත කරන මේ ජීවිතය ඉතා කෙටි ජීවිතයකි. විනිශ්චය දිනයේ දී නොඇදහිලිවන්තයන් සිතන්නේ ඔවුන් පොළොවේ ජීවත් වූ ජීවිතය දෙවියන් වහන්සේ පවසා ඇති පරිදි දිනක් හෝ දිනක කොටසක් පමණක් බවයි:

නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු යැයි ඔවුහු පවසති. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු.

කුරාන් - 23:112-113
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

තවද ඔහු මෙසේ පවසා ඇත.

නියත වශයෙන්ම අපි නුඹලා හේතුවකින් තොරව මවා ඇතැයි ද, නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද? එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.

කුරාන් - 23:115-116
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

පරලොව ජීවිතය ඉතා සැබෑ ජීවිතයකි. එය අධ්‍යාත්මික පමණක් නොව භෞතික ද වේ. අපි අපේ ආත්මයන් සහ ශරීරිකවද එහි වාසය කරන්නෙමු.

මෙලොව පරලොව සමග සංසන්දනය කිරීමේ දී මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසීය.

පරලොවට සාපේක්ෂව මේ ලෝකයේ වටිනාකම හරියට ඔබේ ඇඟිල්ල මුහුද තුළට දමා එය පසුව මුහුදෙන් පිටතට ගන්නා විට මෙන්ය.

Sahih Muslim, 2858

එහි අර්ථය නම්, පරලොවට සාපේක්ෂව මේ ලෝකයේ වටිනාකම මුහුදට සාපේක්ෂව ජල බිංදු කිහිපයක් වැනි ය.

මූලාශ්රය: islam-guide.com
පරිවර්තනය කළා: Shazna Habib

සමාන ප්‍රශ්න