Islam Answers » පිළිතුරු » සිංහල » කෙනෙක් මුස්ලිම් වෙන්නේ කොහොමද?

කෙනෙක් මුස්ලිම් වෙන්නේ කොහොමද?

හුදෙක් "ලා ඉලාහ ඉල්ලල්ලාහ්, මුහම්මදුර් රසූලු අල්ලාහ්" යනුවෙන් විශ්වාසයෙන් පැවසීමෙන් යමෙකු ඉස්ලාමය වැළඳගෙන මුස්ලිම් වරයෙකු බවට පත්වේ. මෙම කියමනෙහි තේරුම "දෙවියන් (අල්ලාහ්) හැර සැබෑ දෙවියෙකු (දෙවියෙකු) නොමැති අතර මුහම්මද් (සල්) තුමාණන් දෙවියන්ගේ දූතයා (නබි) වේ." පළමු කොටස, "දෙවියන් වහන්සේ හැර සැබෑ දෙවිකෙනෙක් නැත" යන්නෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ හැර අන් කිසිවෙකුට නමස්කාර කිරීමට අයිතියක් නොමැති බවත්, දෙවියන් වහන්සේට හවුල්කරුවෙකු හෝ පුතෙකු නොමැති බවත්ය. මුස්ලීම්වරයෙකු වීමට නම්, යමෙකු කල යුත්තේ:

  • ශුද්ධ වූ කුර්ආනය දෙවියන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද වචනාර්ථයෙන් දෙවියන් වහන්සේගේ වචනය බව විශ්වාස කරන්න.
  • දෙවියන් වහන්සේ අල් කුර්ආනයේ පොරොන්දු වූ පරිදි විනිශ්චය දිනය (මළවුන් කෙරෙන් නැගිටුවන දිනය) සත්‍ය බවත් එය පැමිණෙන බවත් විශ්වාස කරන්න.
  • ඉස්ලාමය ඔහුගේ හෝ ඇයගේ ආගම ලෙස පිළිගන්න.
  • දෙවියන් හැර වෙන කිසිවකට හෝ කිසිවකුට නමස්කාර නොකරන්න.

මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසීය.

අල්ලා දෙවියන් වහන්සේ යමෙකු පවක් කොට ඒ පිළිබද පසුතැවිලි වී සමාව අයදින්නේ නම් ඒ ගැන වඩාත් සතුටට පත්වෙයි. එම සතුට කෙතරම්ද යන්න උදාහරණයකින් මෙලෙස පවසයි. ඔබගෙන් එක් අයෙකු කාන්තාර පාළුකරයේ තම ඔටුවෙකු සමග ගමන් කරයි. එම ඔටුවා එම පුද්ගලයාව අතරමන් කොට පලා යයි. ඔහුගේ ආහාර සහ ජලය ඇත්තේද එම පලා ගිය ඔටුවාගේ කර මතය. ඔහු දැඩි බියට, ශෝකයට සහ බලාපොරොත්තු කඩ වීමට ලක් වේ. ඔහු ගසක් අසලට පැමිණ එහි සෙවණෙහි වැතිර සිටී (මරණය බලාපොරොත්තුවෙන්), මන්ද ඔහුගේ ඔටුවෙකු සොයා ගැනීමේ සියලු බලාපොරොත්තු ඔහුට අහිමි වී ඇත. එවිට, ඔහු එම තත්වයේ (අපේක්ෂා භංගත්වයේ) සිටියදී, හදිසියේම එම ඔටුවා ඔහු ඉදිරියේ පැමිණේ. එවිට එය දිටු ඔහු අධික සතුටට පත් වේ. සතුටෙන් කෑ ගසයි. ඔහු සතුට වැඩි කමට ඔහුගේ කටින් වචන පැටලී පිට වන්නේ "දෙවියනි, ඔබ මාගේ සේවකයා වන අතර මම ඔබේ ස්වාමියා වෙමි!" ඔහු එලෙස වචන පැටලී එලෙස පවසන්නේ ඔහුගේ ප්රීතියේ තීව්රතාවයෙනි.අල්ලා දෙවියන් වහන්සේ යමෙකු පවක් කොට ඒ පිළිබද පසුතැවිලි වී සමාව අයදින්නේ නම් ඒ ගැන වඩාත් සතුටට පත් වෙන්නේ ඒ ආකාරයෙනි .

Sahih Muslim, 2747

මූලාශ්රය: islam-guide.com
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න